mediahumanrights.lk
Local NewsNews

අනතුරින් උප පොලිස් පරීක්ෂක එලොව යයි

යාපනය, ඉලවාලි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් යතුරුපැදි දෙකෙහි ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා වාංකනී රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී බරපතළ තත්වයේ පසුවු පොලිස්   නිලධාරියා මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ චාවකච්චේරි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 33 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු වන අතර මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) සිදුකිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

Myanmar to host tourism expo at the end of 2018

Shiran Viraj

වැඩ කරමින් සිටියදීම දින ගණන් නින්දට වැටෙන මිනිසුන් සිටින අභිරහස් ගම්මානය

Shiran Viraj

දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

Shiran Viraj
Translate »