mediahumanrights.lk
Local NewsNews

අත්අඩංගුවට පත් සරසවි සිසුන් බන්ධනාගාරයට

කොළඹ නගරයේ ඊයේ (17) පැවති විරෝධතා පා ගමනේදී නීති විරෝධී ලෙස කටයුතු කළ සිසුන් හත් දෙනෙකු සහ හිමි නමක් හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඊයේ රාත‍්‍රියේ  අලුත්කඩේ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පාගමන සංවිධාන කර තිබුණේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවයි.
මේ අතර  මෙම පාගමනට පොලිසිය එල්ල කළ කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරවලින් තුවාල ලැබූ සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.
ඒ අතර එක් සිසුවියක් ද වන බවයි ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් පැවසුවේ. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු නාරාහේන්පිට පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
මේ අතර මෙම පාගමනට එල්ල කළ කදුලු ගෑස් හා ජල ප‍්‍රහාරය හෙළා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ සයිටම් විරෝධය පොලිසියේ මෘග ප‍්‍රහාර මගින් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවයි. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හැසිරීමට විරෝධය පල කළ යුතු බවට ද එම නිවේදනයේ දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙයි

Shiran Viraj

ජාතියේ අපනයන කර්මාන්තය නගාසිටුවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කඩිනමින් යුරෝපය, මැදපෙරදිග, ඈත පෙරදිග වෙත විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කරයි

Shiran Viraj

දහම් පාසල් ආරම්භ කිරීමට අවසර

Shiran Viraj
Translate »