27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

රිය අනතුරින් 2ක් නොඑන ගමන් යයි

නිට්ටඹුව, කොන්ගස්දෙණිය හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු හා එක් කාන්තාවක් මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ කේරලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක් සහ අංගොඩ, පුබුදුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවකි.
තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මූලස්ථානය පැවසුවේය
(under the courtesy of adaderana news web)

Related posts

බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්

Shiran Viraj

මාලිමා කාර්යාලය වටලා විරෝධතා..

Shiran Viraj

දරු එල ලබන්නට තරබාරුව මට්ටු කරමු

Shiran Viraj
Translate »