31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

මීතොටමුල්ල මෙහෙයුම් කණ්ඩායම් අර්බුදයක – ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

මීතොටමුල්ල කසල කන්ද අවට ප‍්‍රදේශය තවදුරටත් අවදානම් සහිත බව පොලිසිය පවසනවා.
මේ නිසා අනවශ්‍ය ලෙස එම ප‍්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි පොලිසිය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමට විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක් ද පිහිටුවා තිබෙනවා. සිදු වූ දේපළ හානි පිළිබඳව ද එහි දී තොරතුරු රැස් කෙරෙන බවයි හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ.
මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ පිහිටුවා ඇති තොරතුරු මධ්‍යස්ථානයට තොරතුරු ලැබීමේ මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබෙන බවයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ප්‍රදේශයේ ජනතාවගෙන් මෙම ප්‍රදේශයේ ජීවත්වූවන්ගේ විස්තර ලැබීම ඉතාම අවම වී ඇති බැවින් කොතරම් පිරිසක් කුණු කන්දට යට වී සිටින්නේ ද යන්න පිළිබඳව නිවරැදි නිගමනයකට එළඹීමට අපහසු වී තිබෙනවා. නිවරැදි තොරතුරු කඩිනමින් ලැබෙන්නේ නම් මෙම ප්‍රදේශයේ ජීවත්වූ සම්පූර්ණ ජනතාව කොපමණද? මේ වන විට අතුරුදන්ව ඇති පිරිස කොපමණද කියා නිශ්චිතව දැන ගැනීමට හැකි බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් ජනතාවගෙන් නැවත නැවතත් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව කඩිනමින් තොරතුරු ලබා දෙන ලෙස යනුවෙන්ද පැවසුවා.
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 21 ක්. තවත් 07 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ප්‍රතිකාර ලබමින් සිටින එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. අවසන් වශයෙන් මිය ගිය කාන්තාවද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි වැඩි දුරටත් සඳහන් කෙරුණේ.
මෙම ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම පිළිබඳ වූ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

Soon you'll be able to travel from London to Scotland in just 45 minutes

Shiran Viraj

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Shiran Viraj

තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්

Shiran Viraj
Translate »