28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඛනිජ තෙල් වර්ජනයට උත්තර හොයන්න ඇමති මැදිහත් වෙයි

අද (23) මධ්‍යයම රාත‍්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට කැඳවා ඇතැයි ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.
හෙට පෙරවරු 9.00ට පැවැත්වෙන සාකච්ඡාවට සියලූ වෘත්තිය සමිතිවලට ආරාධනා කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
සිය ඉල්ලීම් ඉටුවන තුරු අඛන්ඩව වැඩවර්ජනය සිදු කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර කියා සිටියා.
ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා මෙම වැඩවර්ජනය සිදු කෙරෙන බවයි ඔහු පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන්…

Shiran Viraj

නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයි

Shiran Viraj

අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයි

Shiran Viraj
Translate »