mediahumanrights.lk
Local NewsNews

උෂ්ණ කාලගුණය මැයි දක්වා පවතියි-අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

පවතින උෂ්ණ අධික කාලගූණ තත්ත්වය මැයි මාසය අවසන් වන තුරු පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කලගුණ විදයා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කළේ දිවයින ආශ්‍රිතව පවතින අඩු සුළං ප්‍රවාහය මෙම උෂ්ණ අධික කාලගුණ තත්ත්වයට හේතු වී ඇති බවය.
මේ අතර පවතින උෂ්ණ අධික කාලගුණයත් සමඟ අක්ෂි රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
උෂ්ණත්වය වැඩි වීමත් සමග වෛරස් රෝග පැතිරයාමත් සමඟ මෙම අක්ෂි රෝග ව්‍යාප්තිය ද මේ දිනවල වැඩි වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් කුඩා ළමුන් ඇතුළු ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්  මෙම අක්ෂි රෝගයට වැඩි වශයෙන් ගොදුරු විය හැකි බව අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය මදුවන්ති දිසානායක මහත්මිය සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටි ගොඩනැඟිල්ලක් ගිනි ගනියි

Shiran Viraj

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

Shiran Viraj

මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..

Shiran Viraj
Translate »