2026-08-19
mediahumanrights.lk
Local NewsNews

ඉන්දු – ලංකා ඒකාබද්ධ නාවික සමීක්ෂණයක්

ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධව “ජල මානක“ සමීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ.
අදියර තුනක් යටතේ මෙම සමීක්ෂණය සිදු කිරීමට සැළසුම් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.
පසුගිය මාර්තු මස 30 වන දින ආරම්භ කරන ලද මෙම සමීක්ෂණය මැයි මස 11 වන දින අවසන් කිරීමට නියමිතයි.
ඒකාබද්ධ ජල මානක සමීක්ෂණය සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් “දර්ශක්“ නෞකාව එක්ව සිටින අතර පළමු අදියරේ සමීක්ෂණ කටයුතුවලින් අනතුරුව එම නෞකාව ඊයේ (12) දිනයේ ගාල්ල වරායට රැගෙනවිත් තිබේ.
දෙවන අදියරේ සමීක්ෂණ කටයුතු හෙට (14) දිනයේ ආරම්භ කිරීමට නියමිතයි.
මෙම ඒකාබද්ධ සමීක්ෂණයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ආවරණය වන නාවික සිතියම් යාවත්කාලීන කිරීමයි.
නෞකා සහ යාත්‍රා මඟින් ගමන් කිරිමේදී මුහුදේ දී ජීවිත ආරක්ෂා කරගැනීම ද මෙම සමීක්ෂණයේ අපේක්ෂාව වී තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයි

Shiran Viraj

ලන්ඩන් නුවර දී වාහනයක් පිරිසක් යට කරයි

Shiran Viraj

විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික බලාගාර 3 කින් විදුලිය මිලදී ගනියි

Shiran Viraj
Translate »