mediahumanrights.lk
Local NewsNews

අරීස් 13 නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනට

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන පසුව නිදහස් කෙරුණු අරීස් 13 නෞකාවේ කාර්යමණ්ඩලය දිවයිනට පැමිණ තිබේ.
ඊයේ (12) පස්වරුවේ දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.
පසුගිය මාර්තු මස 13 වන දින සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු සහිත අදාළ නෞකාව පැහැරගනු ලැබුවේය.
ශ්‍රී ලංකා රජය මැදිහත්ව කොල්ලකරුවන් ග්‍රහණයේ පැවති නෞකාව සහ එහි කාර්යමණ්ඩලය පුට්ලන්ඩ් ආරක්ෂක අංශ විසින් බේරා ගැනිණි.
ඒ අනුව අදාළ නෞකාවේ සියලු කාර්යමණ්ඩලය ඊයේ දිනයේ දිවයිනට පැමිණියේ ය.
දිවයිනට පැමිණි අරිස් 13 නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මහතා මාධ්‍ය හමුවේ තම අත්දැකීම් කියා සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

මාර්තු වන විට රට පංච මහා අර්බුදයකට….

Shiran Viraj

ග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..

Shiran Viraj

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයි

Shiran Viraj
Translate »