mediahumanrights.lk
Local NewsNews

අනුරාධපුරයම හඬවමින් 30හැවිරිදි මවක් දියණියන් දෙදෙනා ලිඳට දමා අවසන් ගමන් ගිය හැටි – Video

මියයාමට පෙර ලිපියක් ලියලා…
“අම්මලාට ඇඳුම් ගත්තා තව දවස් දෙක තුනකින් එන්නම් කිවුවා”
“කවුද දොරට තට්ටුකරනවා කිවුවා, දවස් දෙකක් අප්පච්චි ඇවිත් හිටියා”
අනුරාධපුර – විහාරකලංචිය  – නිවාස 50 ගම්මානයේ මවක් තම දරු දෙදෙනා සමග සියදිවි හානි කරගෙන ඇති පුවතක් වාර්තාවනවා.
30 හැවිරිදි මෙම කාන්තාව නිවසේ මුළුතැන්ගෙයිහි බාල්කයක එල්ලී දිවි හානි කරගෙන ඇති අතර, ඇගේ වසර එක හමාරක් සහ 4ක් වන කුඩා දියණියන් දෙදෙනාගේ සිරුරු හමුවූයේ අසළ ළිදක තිබියදීයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 4ක් වූ භවනි ප්‍රවන්ජලී සහ අවුරුදු එක හමාරක්  වූ දිගුන්යා දේශානි යන දැරියන් දෙදෙනායි.
පෙරේදා රාත්‍රියේ දිවි හානි කරගත් මවගේ සිරුර මුළුතැන්ගෙයි එල්ලී තිබෙන අයුරු උදෑසන අවදි වූ  ඇයගේ හත්හැවිරිදි කවීෂ අන්ජන නමැති පුත්‍රයා දැක ඇති අතර පසුව ඒ පිළිබඳව අසළ නිවසකට දැනුම්දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියට දැනුම්දීමෙන් අනතුරුවයි පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ.
එදින රාත්‍රියේ 32 හැවිරිදි මෙම කාන්තාව තම සිව්හැවිරිදි දැරිය සහ අවුරුදු එකහමාරක් වයසැති දැරිය නිවස අසළ ළිඳ තුළට දමා පසුව ඇය ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
ඇයගේ සැමියා නාවික හමුදාවේ සේවය කරන අතර සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහු සේවයේ නිරතව සිටි බව සඳහන් වනවා.
කෙසේ නමුත් මිය යාමට පෙර මෙම කාන්තාව ලිපියක් ලියා තබා ඇති අතර, එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණයට තම සැමියා වගකිව යුතු නොමැති බවයි.
මියගිය පදිංචි දැරියන් දෙදෙනාගේ සිරුරු ඊයේ (08) පස්වරුවේ නාවික හමුදාවේ සේවය කරන පියා වෙත භාර දී තිබෙනවා.
(under the courtesy of hirunews news web)
https://www.youtube.com/watch?v=YE9tkuyG6R0
 

Related posts

"මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ" ශලනි තාරකා , දිනක්ෂියී, ශනුද්‍රියි එක්ක පන්සල් ගිහින් – PHOTOS

Shiran Viraj

අද සිට දින 11ක් සූර්යා ශ‍්‍රී ලංකාවට මුදුන් වෙයි

Shiran Viraj

අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බව පවසා මහාපරිමාණ මූල්‍ය වංචා කළ අයෙක් බැලුම්ගල දුන් ඔත්තුවෙන් කොටු

Shiran Viraj
Translate »