mediahumanrights.lk
Local NewsNews

මාර්ග තදබදයට විසඳුම් දෙන අලුත් නීති එන මාර්ග මෙන්න

මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග කිහිපයක බස් රථ ප්‍රමුඛතා මංතීරු සංකල්පය ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
සැහැල්ලු දුම්රිය සංක්‍රමණික පද්ධති, දුම්රිය විද්‍යුත්කරණය වැනි ව්‍යාපෘති අවසන් කිරීමට තවත් වසර කිරිපයක් ගත වන බැවින් ප්‍රමුඛතා මංතීරු සංකල්පය තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් පොදු ප්‍රවාහන සේවා සඳහා ජනතාව ආකර්ෂණය කර ගැනීමටත් මෙහි අරමුණ වී තිබෙනවා.
ඒ අනුව කාර්ය බහුල වේලාවන්හිදී මෙම ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාතමක වෙනවා.
ගාලුපාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා , කොළඹ දෙසට විහිදුණු බස් රථ ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වා දෙනු ඇති.
පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුණු බස් රථ සඳහාද ප්‍රමුඛතා මංතීරුව හඳුන්වාදීමට නියමිතයි.
තවද කොළඹ, චිත්තප්පලම් ඒ, ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුණු බස් රථ ප්‍රමුඛතා මංතීරුව,  තුම්මුල්ල හන්දියේ සිට කෞතුකාගාර හන්දිය දක්වා කොළඹ දෙසට විහිදුණු බස් රථ ප්‍රමුඛතා මංතීරුව ද ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනවා.
ඇස්වාට්ටුව වටරවුමේ සිට තුම්මුල්ල හංදිය දක්වා කොළඹින් පිටතට විහිදුණු බස් රථ ප්‍රමුඛතා මංතීරුවක්ද හඳුනාදීමට නියමිතයි.
බස් රථ සහ ත්‍රිරෝද රථ ආයනයනය කිරීම සඳහා බදු සහන දීම වෙනුවට සහනදායී ණය ක්‍රම මගින් මිටි පත්ල සහිත (Low Floor) වායු සමීකරණය කරන ලද මගී බස් රථ ආනයනය ප්‍රවර්ධනය කිරීමටද අවධානය යොමුව තිබෙනවා.
බස් රථවල ඉලොක්ට්‍රොනික කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම් සහිත පොදු ප්‍රවේශපත්‍ර පද්ධතියක් සකස් කිරීම ඇතුළු තවත් සේවා කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනු ඇති.
ත්‍රිරෝද රථ, කුලී රථ නැවතුම්පොළ පහසුකම් වැඩිදියුණු කිරීම යනාදී යෝජනාද ඊට ඇතුළත්.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ පිළිබඳව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

Related posts

එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්

Shiran Viraj

දේශබන්දුගේ නමින් අමුතු ලිපියක් සමාජ ජාලවල…

Shiran Viraj

පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..

Shiran Viraj
Translate »