26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

බැඳුම්කරයෙන් රජයට කෝටි 1000ක්‌ පාඩුවක් – හිටපු නි. අධිපති හෙළිකරයි

තමාගේ ගණනය කිරීම් අනුව 2015.02.27 දින මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රජයට රුපියල් කෝටි 1000 ක පාඩුවක්‌ සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන මහතා ඊයේ (26) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේය.
ක්‍ෂණිකව රුපියල් කෝටි 53.2 ක පාඩුවක්‌ සහ එයද ඇතුළත්ව තිස්‌ අවුරුදු කාලය තුළ රුපියල් කෝටි දහසක මුළු පාඩුවක්‌ සිදුව ඇති බවද විඡේවර්ධන මහතා කොමිසමට පැවසී ය.
2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 2.6 ක ලංසු පිළිගැනීමේ තීරණයට නොගොස්‌ බිලියන 10 කට ලංසු පිළිගත් නිසා මේ පාඩුව සිදුවූ බවද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම ක්‍ෂණික අලාභය සහ තිස්‌ අවුරුදු පාඩුව සිදුවූ ආකාරය තමා ගණනය කළ ක්‍රමවේදය ද කොමිසමට පැහැදිලි කළේය.
අදාළ වර්ෂ 30 ක කාලය තුළ සියයට 12.5 ක ඉතා ඉහළ පොළියක්‌ ගෙවීමට සිදුවීම නිසා රුපියල් කෝටි දහසක පාඩුවක්‌ සිදුවන බව තමා ගණනය කළ බවද පැවැසූ හෙතෙම 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන දහයකට අධික ලංසු පිළිගැනීම නිසා රජයට සිදුවූ පාඩුව ගණනය කළ ලේඛනය ද ඊයේ කොමිසමට ඉදිරිපත් කළේය.
එම පාඩු ගණනය කළ ක්‍රමවේදය නිවැරදි ක්‍රමවේදයක්‌ බවද විඡේවර්ධන මහතා විනිසුරු ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
(under the courtesy of adaderana news web)

Related posts

බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු දායකවිය යුතු බව ජනපති අවධාරණය කරයි

Shiran Viraj

දිඹුලාගල කැලයක ලක්ෂ ගණනක සතුන් සඟවාගෙන සිටි දෙදෙනෙක් අල්ලයි

Shiran Viraj

වයින්, බියර් පානය කරන තරුණියන්ගේ පියයුරු වලට වෙන මේ භයානක දේ ගැන දන්නවද

Shiran Viraj
Translate »