25.6 C
Colombo
2025-12-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්දියාවේ අලෙවිය තහනම් වාහන පිටරට පැටවීමේ සැලසුමක්

BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද නියෝගයත් සමඟම ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් බරපතළ ගැටළුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
මේ අනුව දැනට නිෂ්පාදනයෙන් අනතුරුව ප්‍රදර්ශනාගාර මට්ටමේ පවතින වාහන තොග ගණනාවක් ඉන්දියාව තුළ අලෙවි කිරීමේ හැකියාව, මෙම අධිකරණ නියෝගය හේතුවෙන් වාරණයට ලක්ව තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවිය තුළ තහනම් වුවද, ඒවා අපනයනය සඳහා කිසිදු තහනමක් නොමැති බවයි.
මේ අතර 2016 වසර තුළ දී ශ්‍රී ලංකාවට අපනයන කර ඇති ඉන්දියානු මගී වාහනවල වටිනාකමෙහි සියයට 92 ක වර්ධනයක් සිදුව ඇති අතර ඉන්දීය මෝටර් රථ අපනයන වෙළෙඳපොළවලින් වේගයෙන් වර්ධනය වූ හොඳම වෙළෙඳපොළ 5 අතරට ද ශ්‍රී ලංකාව එක්ව තිබිණි.
(under the courtesy of adaderana news web)

Related posts

ජලාශයේ නාදුනන මල සිරුරක් පාවේ….

Shiran Viraj

සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ගැනත් ජනපති කොමිසමේදී තොරතුරු රැසක් එළියට

Shiran Viraj

මූල්‍ය බුද්ධි ඒකකය චීනය හා භූතානය සමඟ ගිවිසුම්වලට අත්සන් තබයි

Shiran Viraj
Translate »