31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

අධික රස්නය නිසා සමේ රෝග, අක්ෂි රෝග පැතිරීමේ අවදානමක්

මේ දිනවල රට පුරා පවතින අධික අව් රශ්මිය හා රස්‌නය හේතුවෙන් සමේ රෝග මෙන්ම අක්ෂි රෝග ඇතිවීමේ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් කියා සිටිනවා.
හැකි පමණ දැඩි හිරු රශ්මියට ආවරණය නොවී සිටීම අතිශය වැදගත් බවයි ඇය පවසන්නේ.
විජලනය ඇතිවිය හැකි නිසා හැකි පමණ ජලය පානය කරන ලෙස ද වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂයෙන් අධික රස්‌නය හේතුවෙන් ශරීරයේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක්‌ එල්ලවිය හැකි නිසා දැඩි අව් රශ්මිය ඇති මොහොතක ගමනක්‌ ගොස්‌ යළි නිවසට පැමිණි පසු ජලයෙන් මුහුණ සෝදා ගන්නා ලෙසත් අව් රශ්මියේ ගමනක් යනවිට මුළු ඇඟම ආවරණය වන ඇඳුම් ඇඳීම සුදුසු බවත් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් කියා සිටිනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ජේම්ස් පැකර් යළි දිවයිනට..?

Shiran Viraj

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Shiran Viraj

මිල අඩුම Lite Ace.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

Shiran Viraj
Translate »