28.4 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNewsPolitical

ෆොන්සේකා ගැන ජනාධිපති කළේ විහිළුවක් බව එස්.බී.කියයි

ආරක්ෂක අංශ නියෝජනය වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඉහළ තනතුරක් ලබාදීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කරන ලද විහිළු සහගත පැනයක් මුල්කර ගනිමින් සියලු දෙනා කටයුතු කරන බවත් කෙසේ හෝ රට තුළ යම් හදිසි අවශ්‍යතාවයක් පැමිණියොත් ඒ සියල්ල වෙනුවෙන් තමා පෙනී සිටින බවත් සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
අද (27) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
මේ අතර එළඹෙන මැයි 1 වන දින “එක මිටට හරි අතට“යන තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මහනුවර ගැටඹෙ ක්‍රිඩාංගනයේ දී පවත්වන බවත් ඒ සඳහා තරුණ සංවිධාන වශයෙන් තරුණයින් 50,000 ක පමණ පිරිසක් සහභාගී වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ ය.
මැයි රැළිය සඳහා CTB බස්රථ 2800 ක් හා පෞද්ගලික බස්රථ 1000 ක් සඳහා මුදල් ගෙවා වෙන් කර ඇති බවත් ඉතිහාසයේ කිසි කළක එක් නොකළ ජන ගංගාවක් එදිනට පැමිණෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
මැයි දින පෙළපාලිය අවසන් විගස ක්‍රිඩාංගනය සියලු මැති, ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් එම ස්ථානය පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ද දිසානායක මහතා කියා සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

පසුගිය රජයේ දුෂණ, වංචා සියල්ල ගැන ලඟදීම හෙළිදරව්වක්

Shiran Viraj

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Shiran Viraj

‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අද

Shiran Viraj
Translate »