27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNewsPolitical

හමුදාව සූදානම් කරන්නැයි ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි

දැනට දරන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ආරක්ෂක අංශවල මෙහෙයවීමේ වගකීම භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
රටේ විනය පවත්වාගෙන යෑම සඳහා ආරක්ෂක අංශ මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වන බැවින් යුද හමුදාපති ධූරය හෝ ත්‍රිවිධ හමුදා මෙහෙයවීමේ වගකීම භාර විශේෂ තනතුරක් භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද (26) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ පොදු ජනතාවට ලබා දුන් නිදහස ඇතැම් දූෂිත පුද්ගලයින් සහ පිරිස් විසින් අයුතු ලෙස යොදා ගනිමින් වැඩවර්ජන, උද්ඝෝෂණ වැනි ක්‍රියා සිදු කරන බැවින් එහිදී ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හමුදාව සූදානම්ව තැබිය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ජාවාරමක පටිගත කළ දර්ශන වාර්තා නොකරන්නැයි දුමින්ද සිල්වාගෙන් බලපෑම්…

Shiran Viraj

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

Shiran Viraj

වත්මන් බැංකුවකට සමාන පුරාන ස්ථානයක් හමුවෙයි…

Shiran Viraj
Translate »