mediahumanrights.lk
Local News News

හදිසි අනතුරු ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගිණි කෙළි භාවිත කරන්නේ නම් සෑම විටම නියමිත ආරක්ෂක උපදෙස් පිළිපදින්නැයි නැවත ඉල්ලීමක් කෙරෙනවා.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පුහුණු කිරීමේ හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා පෙන්වා දෙන්නේ නොදැල්වී ඇති ගිනිකෙළි නැවත පරීක්ෂා කිරීමට යෑමෙන් බොහෝ අනතුරු සිදුව ඇති බවයි. ඒ හේතුවෙන් එවැනි ක්‍රියා සඳහා යොමු නොවන ලෙසද පුෂ්පා රම්‍යානි ද සොයිසා ඉල්ලා සිටියා. වර්තමානයේ ඇති ඇතැම් නිලාකූරු හේතුවෙන්ද ජීවිත අවදානම් තත්ත්වයන් උදාවී ඇති බවත් පෙන්වා දුන්නා.
ගිනිකෙළි උපයෝගී කරගනිමින් සිදු කරන විහිළු තහඵ හේතුවෙන්ද බොහෝ පිරිසක් අනතුරුවලට ලක්වන බව පෙනී ගොස් තිබෙන බවද සඳහන් කෙරුණා.
ගිණි කෙළි අනතුරු මෙන්ම වෙනත් අනතුරු වළක්වා ගැනීමට ද විමසිලිමත් වන ලෙස හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙහි දී වැඩිදුරටත් ඉල්ලීමක් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ගම්පහ ව්‍යාපාරිකයාට වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

රිය අනතුරකින් වරකාපොල දී කාන්තාවක් මරුට

Shiran Viraj

නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

Shiran Viraj