mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල්ට ඇප

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුණා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
ඊට අමතරව විදේශ ගමන් තහනමක් ද පැනවුණා.
දියණියගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදීම සිදු කරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

ලෝක ජල දිනයදා ජල සේවකයන් උද්ඝෝෂණයක

Shiran Viraj

‘‘කාන්තාර පලගැටියන්’’ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක්

Shiran Viraj

සම්බාහනේ Free කරන්නැයි ඉල්ලූ පොලිස් පරීක්ෂකව පොලිසියට භාරදීලා

Shiran Viraj
Translate »