mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ සංචාරයට ඇවිත් හෝටලයට ආපු බ්‍රිතාන්‍ය යුවළට පොල් ගසක් නිසා වුන අබැද්දිය

මෙරට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් ගතකිරීම සඳහා පැමිණි බ්‍රිතාන්‍ය යුවළක් නොසිතූ ලෙස හදිසි අනතුරකට මුහුණ දී තිබෙනවා.
එම බ්‍රිතාන්‍ය යුවළ දින 12 නිවාඩුවක් සදහා මෙම හෝටලයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙම යුවළ මුහුදු වෙරළ ආසන්නයේ එළිමහනක හිරු රශ්මිය විඳිමින් සිටින විට ඒ ආසන්නයේ තිබූ උස අඩි 50ක් පමණ වූ පොල් ගසක් එකවරම කඩා වැටී තිබෙනවා.
එම අනතුරෙන් බ්‍රිතාන්‍ය කාන්තාවගේ පාද දෙකේම අස්ථි බිදීගොස් ඇති බවයි වාර්තාවන්නේ.
පොල්ගස කඩා වැටීමෙන් පසු ඊට යටවූ බ්‍රිතාන්‍ය කාන්තාව හෝටල් සේවකයන් තිදෙනෙකු විසින් බේරාගෙන රෝහල් ගත කර තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

1-2 දරුවන්ටත් ඉංග්‍රීසි පෙළ පොතක්

Shiran Viraj

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

Shiran Viraj

ලැබුණු, නොලැබුණු, වැරැදුණු බොහෝ දේ ගැන ධනුෂ්ක කියන කතා

Shiran Viraj
Translate »