28.4 C
Colombo
2026-08-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

රවීට පේන දේ බන්දුලට නොපෙනේ

උද්ධමනය දිගින් දිගටම වැඩි වීමට හේතුව ආණ්ඩුවේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ මාර්තු මස උද්ධමනය සියයට 8.6 ක් බවට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව පිළිබඳ අදහස් දක්වමින්.
රටේ ආර්ථික තත්වය පිළිබඳ ජනාධිපතිවරයා ද කිසියම් රැවටීමකට ලක්ව ඇත්දැයි සැක උපදින බව බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ද සතුටට පත්ව සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ කියා සිටියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවේ දී ද ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය විශේෂ ඇගයීමකට ලක් වූ බවයි ඔහු පැවසුවේ.
(under the courtesy of adaderana news web)

Related posts

සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්

Shiran Viraj

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

Shiran Viraj

නයනතාරා රවීන් පෙම් දැලක පැටලිලාද?

Shiran Viraj
Translate »