28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

රවීට පේන දේ බන්දුලට නොපෙනේ

උද්ධමනය දිගින් දිගටම වැඩි වීමට හේතුව ආණ්ඩුවේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ මාර්තු මස උද්ධමනය සියයට 8.6 ක් බවට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව පිළිබඳ අදහස් දක්වමින්.
රටේ ආර්ථික තත්වය පිළිබඳ ජනාධිපතිවරයා ද කිසියම් රැවටීමකට ලක්ව ඇත්දැයි සැක උපදින බව බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ද සතුටට පත්ව සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ කියා සිටියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවේ දී ද ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය විශේෂ ඇගයීමකට ලක් වූ බවයි ඔහු පැවසුවේ.
(under the courtesy of adaderana news web)

Related posts

‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..

Shiran Viraj

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

Shiran Viraj

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

Shiran Viraj