26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

මීතොටමුල්ලේ නිවාස අහිමිවූවන්ට අගමැතිගෙන් සහනයක්

මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමෙන් විනාශ වු නිවාසවල වටිනාකම රජය විසින් ලබා දීමට තීරණය කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් පිරිසක් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ හමු වු අවස්ථාවේදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ වන විට නම් කර ඇති අවදානම් කලාපයෙන් ඉවත් වීමට අපේකෂා කරන පවුල්වලට නව නිවාස ලබා දීම, අවදානම තක්සේරු කරන තුරු රුපියල් 50,000ක දීමනාවක් ලබා දිම, නිවාස අධිකාරියෙන් ජනතාව ලබාගෙන ඇති ණය සඳහා වන හිඟ මුදල් කපා හැරිම ඇතුළු තීරණ කිහිපයක් පිළිබඳවද මෙහිදී මෙහිදී ජනතාව දැනුවත් කෙරුණා.
පීඩාවට පත් සියලූ ජනතාවට හෙට සිට කොටස් වශයෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් තම ඉඩකඩම් පිළිබඳ ගැටළු නිරාකරණය කර ගන්නා ලෙසත් ඔප්පු පිළිබඳ ගැටළු ඇත්නම් එළඹෙන බ‍්‍රහස්පතින්දා දිනයේදී නිරාකරණය කර ගන්නා ලෙසත් මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.
අදාළ ප‍්‍රදේශයේ කුලී පදනම මත ජීවත් වන ජනතාවටද සහන දීමනාවක් ලබා දෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethfm news web)

Related posts

තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….

Shiran Viraj

ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…

Shiran Viraj

හිටපු හමුදාපතිට අමෙරිකාව එල්ලකරන යුද අපරාධ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි!

Shiran Viraj
Translate »