28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

මධ්‍යම පළාත් සභාව පොලිතීන් තහනම් කරන්න සැරසෙයි

පොලිතීන් භාවිතය තහනම් කිරීමට මධ්‍යම පළාත් සභාව සූදානම් වනවා.
පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක ප‍්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් බළධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බවයි.
පළාත් ආණ්ඩුකාරවරිය මෙම අදහස් පළ කළේ මහනුවර ගොහාගොඩ කසළ කන්ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කසල කන්ද අවට පදිංචි ජනතාව ඉවත් කිරීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරියගෙන් විමසීමක් කළා.
එමෙන්ම මධ්‍යම පළාත් සභාව කසළ කළමනාකරණයට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ වුණා.
එහිදී ඇය වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට සාධාරණයක් වෙන පරිදි ඉවත් කිරීම් සිදු කරන්නට පියවර ගන්නා බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඇප නැතිව ණය දෙන බැංකුවක්..

Shiran Viraj

පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..

Shiran Viraj

මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..

Shiran Viraj
Translate »