27.8 C
Colombo
2026-08-07
mediahumanrights.lk
Local NewsNews

බන්ධනාගාරයේ පාටියට නිලධාරීන් තලා පෙලා සල්ලි අරං

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදලින් රුපියල් 500 ක මුදලක් පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ සියලු නිලධාරීන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
බන්ධනාගාර ආරංචි පැවසුවේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් සාදයක් පැවැත්වීමට නිලධාරීන් පිරිසක් මෙලෙස මුදල් අයකර ගන්නා බවයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් දස දහසක්. එවැනි මුදලකින් රුපියල් 500 ක් ලබාගැනීම අසාධාරණ බවද බන්ධනාගාර නිලධාරීන් පැවසුවා.
මෙම සාදය පැවැත්වීමට මූලිකව කටයුතු කරන එක් නිලධාරියෙක් මුදල් නොදෙන බන්ධනාගාර නිලධාරීන්ගේ නාමලේඛණයක්ද ගිණුම් ශාඛාවෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ. පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ සේවය නියුතු නිලධාරීන් සංඛ්‍යාව 120 ක් පමණ වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…

Shiran Viraj

කොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණන

Shiran Viraj

කෝප් සභාපති අතවර කල නිලධාරිනිය පැමිණිලි කරන්න ලැජජයි…

Shiran Viraj
Translate »