29.5 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

පෙරේදා ඇප ලැබුණු විමල් හදිසියේ පිරිසක් සොයා බන්ධනාගාරයට එයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (08) පස්වරුවේ යළි කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා.
ඒ, තමන් බන්ධනාගාරගතව සිටිය දී උදව් උපකාර කළ පිරිසට ස්තූතිය පළ කිරීමටයි.
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා මත විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ඉකුත් ජනවාරී 10 වැනිදා සිට දින 87 ක් රක්ෂිත බන්ධනාගාරගතව පසුවුණා.
එහිදී දින නවයක උපවාසයක නිරත වූ අතර පසුව ඔහු රෝගී වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ද ඇතුළත් කෙරුණා.
කෙසේ වෙතත් මාස 03කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට පෙරේදා (07) ඇප මත මුදා හැරීමටයි අධිකරණය තීරණය කළේ. ඒ, දියණියගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
(under the courtesy of nethfm news web)

Related posts

ආරක්ෂක ලේකම්ගේ අනාවැකිය පළ දරයි – උපවාසකරුවන් දින 5න් නැගිටියි

Shiran Viraj

සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලු

Shiran Viraj

වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි

Shiran Viraj
Translate »