mediahumanrights.lk
Local NewsNewsPolitical

පෙරේදා ඇප ලැබුණු විමල් හදිසියේ පිරිසක් සොයා බන්ධනාගාරයට එයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (08) පස්වරුවේ යළි කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා.
ඒ, තමන් බන්ධනාගාරගතව සිටිය දී උදව් උපකාර කළ පිරිසට ස්තූතිය පළ කිරීමටයි.
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා මත විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ඉකුත් ජනවාරී 10 වැනිදා සිට දින 87 ක් රක්ෂිත බන්ධනාගාරගතව පසුවුණා.
එහිදී දින නවයක උපවාසයක නිරත වූ අතර පසුව ඔහු රෝගී වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ද ඇතුළත් කෙරුණා.
කෙසේ වෙතත් මාස 03කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට පෙරේදා (07) ඇප මත මුදා හැරීමටයි අධිකරණය තීරණය කළේ. ඒ, දියණියගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
(under the courtesy of nethfm news web)

Related posts

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

Shiran Viraj

කෘෂිකර්මයට නව තාක්ෂණය මුසු කරන හැටි ගෝඨා පෙන්වයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති පිළිගන්න චීනය සූදානම්…

Shiran Viraj
Translate »