mediahumanrights.lk
International NewsNews

පියා නිසා ට‍්‍රම්ප්ගේ දියණිය ජාත්‍යන්තරයේදි අමාරුවේ වැටෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කි‍්‍රයාකලාපයන් හේතුවෙන් ඔහුගේ දියණිය වන ඉවන්කා ට‍්‍රම්ප් ජාත්‍යන්තර මණ්ඩපයකදී දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.
ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී කි‍්‍රස්ටින් ලගාඞ් සහභාගි වූ සාකච්ඡාවකදී ඇය මෙම තත්ත්වයට මුහුණපෑවා.
ඉවන්කා ට‍්‍රම්ප් ඊට සහභාගි වූයේ ජී 20 කාන්තා සමුළුවකට සහභාගිවීම සදහා ජර්මනියේ බර්ලිං නුවරට පැමිණ සිටි අවස්ථාවේදීයි.
සිය පියා කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්පවලට එරෙහිව එල්ල වූ ප‍්‍රබල විරෝධතාවකට මුහුණදීමට එහිදී ට‍්‍රම්ප්ගේ දියණියට සිදුවුණා.
එහිදී ඇය සිය පියාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රසංශාවට ලක්කළ අවස්ථාවේ රැස්ව සිටි පිරිස දැඩි කෝපයෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඇයගේ දියණිය ජාත්‍යන්තර සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්දු පාකිස්තාන අවසන් මහ තරගය ආරම්භයටත් පෙරම ඉතිහාසගත වෙයි

Shiran Viraj

රාජස්ථාන් ක්‍රීඩකයෝ බැංගලෝර් යළි පහළට දමති

Shiran Viraj

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්

Shiran Viraj
Translate »