28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

ප්‍රශ්ණ වලට බය නැති දුලානි

මේ දවස්‌වල බන්ධනයකට අහුවෙලා කියල ආරංචියි.
ඔව්. මුලින්ම බන්ධනය වුණේ උදයකාන්ත කියන නමට. ඊළඟට ප්‍රවීණ ජනප්‍රිය මගේ සහෝදර නළු-නිළි පිරිස එක්‌ක වැඩ කිරීමට අවස්‌ථාව ලැබීම සත්තකින්ම මේ චිත්‍රපටය මට සුවිශේෂී බන්ධනයක්‌.
කොහොමද ලැබෙන ප්‍රතිචාර
දැනට හුඟ දෙනෙක්‌ මේ ගැන හොඳ කතා කරන නිසා ඉදිරියේදී තවත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල හිතනවා.
කාලෙකට පස්‌සේ නේද කළු -සුදු චිත්‍රපටයකට වැඩ කරන්න ලැබුණේ.
කාලෙකට පස්‌සේ නෙමෙයි මේක මගේ ප්‍රථම කළු සුදු චිත්‍රපටය, අද කළු – සුදු චිත්‍රපට හැදෙන්නෙම නැහැනෙ. ඒ නිසා මේක මට ලැබුණු දුර්ලභ අවස්‌ථාවක්‌ විදියටයි මම සලකන්නේ.
ඉතිහාස කතාවලින් මිදිල වෙනස්‌ම ආකාරයේ චරිතයක්‌ ලැබීම ගැන මොකද හිතෙන්නේ.
රංගන ශිල්පිනියක්‌ විදියට එකකට එකක්‌ වෙනස්‌ චරිත ලැබෙනවට තමයි මම කැමැති. මේකත් මට ලැබුණු හොඳ චරිතයක්‌. මම ඒකට සාධාරණය ඉටු කළා.
තිරයේ ජනප්‍රියම පෙම්වතා වූ හේමාල් සමඟ රඟපෑමට ලැබීම මොනවගේ අත්දැකීමක්‌ද?
ඇත්තටම මෙතැනදී තිබුණෙ හේමාල් සමඟ රඟපෑමේ විශේෂය නෙමෙයි. ඔහු සහ මම තරුණ මවක්‌ – සහ පියෙක්‌ විදියට රඟපෑමේ විශේෂයයි. කොහොම වුණත් වෙනස්‌ ම ආකාරයේ අත්දැකීමක්‌.
ඉතිහාස කතාවල රඟපෑව ඇති කියල හිතෙන්නෙ නැද්ද?
මට ලැබෙන චරිත අතරින් මට කරන්න පුළුවන් චරිතයකට සාධාරණය ඉටු කිරීම තමයි, මගේ කාර්යභාරය. මේ හරහා මට හැමෝම සතුටු කරන්න බැරි වුණත් බහුතරයකගේ ආදරය ලබමින් කටයුතු කරනව මිසක්‌ එවැනි රඟපෑම් ඇතියි කියල හිතලා නෑ.
ඔය අතරේ සරණ බන්ධනේට ලෑස්‌ති වෙනව කියලත් ආරංචියි.
දැනටනම් ඒ සඳහා කිසිම ලෑස්‌තියක්‌ නෑ. ඉදිරියේදී එහෙම දෙයක්‌ වෙන්න පුළුවන්. ඒත් ඉතින් කා එක්‌කද කවදද කොහෙදිද කියන්න බෑ.
බොහෝ නළු නිළියෝ කුණු අවුස්‌සනව කියල මාධ්‍යයට ගොරවනවා ඔබත් එහෙමද?
එහෙම කෙනෙක්‌ගෙ කට පාලනය කරන රිමෝට්‌ එක තියෙන්නෙ තමන්ගෙ අතේ. මාධ්‍ය අපෙන් අහන්නෙ මොනවද කියලා හොඳින් තේරුම් අරන් උත්තර දුන්නම කවදාවත් මාධ්‍යයට ගොරවන්න වෙන්නේ නෑ.
ගුරුවරියක්‌ නිසාද රියෑලිටිවලට ආරාධනා නැත්තෙ?
ආරාධනාවලින් නම් අඩුවක්‌ නෑ. ඒත් ඒවට වෙලාව වෙන්කර ගන්න එක තමයි ප්‍රශ්නෙ. පාසලේ වැඩ අතපසු කරන්න මම කොහොමත් කැමැති නෑ. විශේෂම දේ තමයි අන්‍යවශ්‍ය තරගකාරිත්වයට මා තුළ ඇති අකැමැත්ත.
සත්‍ය හෝ අසත්‍ය කටකතා නිසා පාසල් දරුවන් ඉදිරියට යන්න චකිතයක්‌ නැද්ද?
මෙතෙක්‌ එහෙම ප්‍රශ්නයක්‌ වෙලා නෑ. මම ආදර්ශවත් විදියට තමයි හැම වෙලාවෙම දරුවන් ඉදිරියට යන්නෙ. තමන්ගෙ හෘද සාක්‍ෂියට එකඟව වැඩ කළාම කිසි කෙනෙක්‌ ඉදිරියට යන්න චකිතයක්‌ ඇති වෙන්නේ නෑ.
කොහොමද පාසල් දරුවන් සමඟ ගෙවෙන ජීවිතේ
ඉතාමත් සුන්දරයි. අද අපේ දූ දරුවන් සෞන්දර්ය පැත්තට යොමු නොවීම තමයි දුකකට තියෙන්නේ.
ගුරු වෘත්තියෙන් ඈත්වෙලා පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌ වුණොත් හොඳයි කියල හිතිලම නැද්ද?
මේ තාක්‌ එහෙම හිතිලත් නෑ. ඉස්‌සරහට හිතෙන එකකුත් නෑ. ගුරුවරිය සහ රංගන ශිල්පිනිය කියන තනතුරු දෙකම නිවැරැදිව හොබවන්න පුළුවන්කම මට තියෙනවා. දිවි ඇතිතුරා මේ දෙක සමබරව හොබවනවා.
පසුගිය කාලෙ දුලානිට තිබුණ ප්‍රශ්න දැන් ඉවරද?
ප්‍රශ්න නම් එදත් තිබුණා. අදත් තියෙනවා. හෙටත් තියෙයි. හැබැයි මම කවදාවත් ඒ ප්‍රශ්න ඉදිරියේ සැලෙන කෙනෙක්‌ නෙමෙයි ඕනම ප්‍රශ්නයක්‌ ආවම මම ඒක අදාළ කෙනාත් එක්‌ක විසඳගන්නවා.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩි

Shiran Viraj

ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්

Shiran Viraj

මුදල් දෙන්න මගේ බලය මදි.. ජනාධිපතිගේ අනුමැතියට යොමු කලා..- මුදල් ලේකම් මැ.කො.ට දන්වයි..

Shiran Viraj