25 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

නොරොච්චෝලේ දෝෂය සහිත ස්ථානයට ළං වෙන්න හිතන්නවත් බැහැ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක‍්‍රීය වූ ජනන යන්ත‍්‍රය තවමත් අලුත්වැඩියා කර නැහැ.
අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පෙර එම පද්ධතිය සිසිල් විය යුතු බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.
එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් පෙන්වා දුන්නේ පළමු ජනන යන්ත්‍රයේ මෙම ඇතිව තිබෙන දෝෂය සොයා බැලීමට තවමත් ඊට ළං විය නොහැකි බවයි. එහි මේ වන විට පවතින උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 500 කටත් වඩා අධික වනවා. ඒඅනුව පද්ධතිය සිසිල් වීමට දින දෙකක් හෝ තුනක් ගතවෙනු ඇති බවයි විශ්වාස කරන්නේ. අදාළ අලුත් වැඩියා කටයුතු සඳහා යොමු විය හැක්කේ ඉන් අනතුරුව බවත් පැහැදිළි කෙරුණා.
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත‍්‍රයක් මෙලෙස අක‍්‍රීය වී තිබීම අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවක් නොවනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
අදාළ ජනන යන්ත‍්‍රය අද (17) උදෑසන අක‍්‍රීය වූ අවස්ථාවේ ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම් බිඳ වැටුණත් මේ වනවිට එම විදුලි සැපයුම් ද යථාවත් කර තිබෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

ලොවම සිනා සාගරයක ගිල්වමින් රහසේම පැමිණි Mr Bean රඟන අලුත්ම චිත්‍රපටය මෙන්න

Shiran Viraj

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

Shiran Viraj

ආරථිකය ගොඩදාන හැටි චම්පික කියයි…

Shiran Viraj
Translate »