mediahumanrights.lk
Local News News

නංගිගේ විලාපයට අවදි වූ අයියා පියාගේ කාම ආශාව දැක අසරණ වෙයි

අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද පියෙකු හලාවත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හලාවත නගරයේ වඩේ වෙළදාමේ නිරත මෙම පුද්ගලයාට දැරියන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ.
මීට පෙර අවස්ථාවකදී ද මොහු වැඩිමහල් දැරියව අපයෝජනය කර ඇති අතර පසුව අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව වසරක සිර දඬුවමක් ලබා දී ඇති අතර එය වසර පහකට අත්හිටුවා තිබෙනවා.
දරුවන්ගේ මව විදේශගතව සේවය කරන අතර මව මීට පෙර අවස්ථාවක මෙරටට පැමිණි පසු දරුවන්ගේ අනාරක්ෂිත බව පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමටද කටයුතු කර තිබෙනවා.
අවුරුදු උදාවත් සමග සිය නැගණිය ගේ විලාපයට අවදි වී ඇති සහෝදරයා මෙම සිද්ධිය දැක ඇති අතර එහිදී පියා විසින් මෙම තම වැඩිමහල් පිරිමි දරුවාට පහර දී නිවසෙන් එලවා තිබෙනවා.
පියාගෙන් බේරී පළාගොස් ඇති මොහු පොලිසිය හමුවේ සිද්ධිය අනාවරණය කර තිබෙනවා. ඒ අනුව හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිලිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

මාලදිවයිනේ රැඳී සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු දිවයිනට

Shiran Viraj

දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයි

Shiran Viraj

උද්ධමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න..

Shiran Viraj