32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

දෙවන පාසල් වාරය ඇරඹේ

රජයේ පාසල්වල දෙවන වාරය අද ආරම්භ වනවා. දෙවන පාසල් වාරය අවසන් කෙරෙන්නේ අගෝස්තු 4 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
මේ අතර පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරීමට හා පවතින උණුසුම් කාලගුණයට මුහුණ දීමට සිසුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
දෙවන පාසල් වාරය හෙටින් ආරම්භ වීමට නියමිත අතර සිසුන් දැනුවත් කිරීම සදහා දෙමාපියන් , ආදි ශිෂ්‍යන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන්ගේ ද සහය ලබා ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ.
පාසල් පරිසරය මදුරුවන්ගෙන් සහ කසළවලින් තොර පරිසරයක් පත් කිරීම මෙහි අරමුණයි. පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය නිසා ඇති වන අපහසුතා වළක්වා ගැනීමට පාසල් සිසුන් එළිමහන් ක‍්‍රියාකාරකම්වල යෙදවීම අවම කරන ලෙස ද මෙහි දී උපදෙස් ලබා දී තිබෙනවා.
ජලය පානය කිරීමට සිසුන් උනන්දු කරවීමට හා හිරු රශ්මියට ඔරොත්තු දෙන හිස් වැසුම් සහ කුඩ ආදිය භාවිතයට පෙළඹවීමටත් විදුහල්පතිවරුන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා. පානීය ජල පහසුකම් ලබා දීම සදහා පාසල්වල ඇති ජල ටැංකි පවිත‍්‍රතාව පිළිබදව ද විශේෂ අවදානයක් යොමුකරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ලක්සලෙන් මිලියන 4 ක ලාභයක්

Shiran Viraj

පුස් තර්ජනවලට මා බිය නෑ.. ‘පාස්ද ෆේල්ද..’ මනින හැටි කියයි..- ජාතිය අමතමින් ජනපති කල සම්පූර්ණ කතාව මෙන්න..

Shiran Viraj

රන්ජන් අද අධිකරණය හමුවට

Shiran Viraj
Translate »