30 C
Colombo
2026-02-19
mediahumanrights.lk
International NewsLocal NewsNewsPolitical

තිරසර සංවර්ධන කාර්යයට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කරයි

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා ජපාන අග්‍රමාත්‍ය උපදේශක ආචාර්ය හිරෝතෝ ඉසුමි පත් කිරීමට කටයුතු කරන බව ජපාන කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා මහතා පවසා ඇත.
ජපානයේ නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද(12) උදෑසන පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ බව අග්‍රමාත්‍ය  කාර්යාලය නිවේදනය කළේය.
අග්‍රමාත්‍යවරයා සහ ජපාන කැබිනට් ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවේදී ඉන්දීය සාගර කලාපයේ නිදහස් නාවික ගමනාගමනය සහ සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්වේ.
ශ්‍රී ලංකාව සෑම විටම සාමය හා ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවත් කිසිඳු ආකාරයක හමුදාමය ක්‍රියාදාමයන්ට ශ්‍රී ලංකාවේ සහයෝගයක් හෝ ඉඩකඩක් නොමැති බව අග්‍රමාත්‍යවරයා ඇතුළු මෙරට නියෝජිත පිරිස එහිදී අවධාරණය කර තිබේ.
මේ අතර 2025 වසරේ එක්ස්පෝ ප්‍රදර්ශනය ජපානයේ ඔසාකා නුවරේ පැවැත්වීම සඳහා ජපාන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා  පවසා ඇති අතර ඒ සඳහා පූර්ණ සහය ලබා දීමට ශ්‍රී  ලංකාව සූදානම් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

Shiran Viraj

වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Shiran Viraj

ඉල්ලා අස් වුනේ නෑ…

Shiran Viraj
Translate »