31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ජංගම දුරකථනය භාවිතා නොකරන ලෙසට කොමිසමෙන් හිටපු මහබැංකු අධිපතිට අවවාද

මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම තුළ ජංගම දුරකථන භාවිතා නොකරන ලෙසට එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත අවවාද කර තිබෙනවා.
ජනාධිපති කොමිසම ඊයේ දිනයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු මහබැංකු අධිපතිවරයාට පැමිණෙන ලෙස දන්වා සිටි අතර, ඒ අනුවයි ඔහු පැමිණ ඇත්තේ.
එම අවස්ථාවේදී සාක්ෂි විභාග කිරීමේ කටයුතු සිදුවන අතරතුර ඔහු ජංගම දුරකථනය පරිහරණය කර ඇති බව සඳහන්.
එහිදී කොමිසමේ සභාපතිවරයා එහි වැඩකටයුතු මදකට නවතා දමා එසේ නොකරන ලෙසට ඔහුට අවවාද කරන ලෙස හිටපු මහබැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම්දී තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

රාජ්‍ය අධ්‍යාපනය කප්පාදුවට! ගුරු විද්‍යාල කිහිපයකුත් වැසිලා

Shiran Viraj

කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…

Shiran Viraj
Translate »