26.1 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

කටුනායක ගුවන්තොටුපලේ ධාවන පථය යළි විවෘත වෙයි

නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ධාවන පථය මෙහෙයුම් කටයුතු සඳහා අද (06) යළි විවෘත කිරීමට නියමිතව තිබේ.
පසුගිය ජනවාරි මස 06 වන දින එහි අලුත්වැඩියාකිරීම් කටයුතු  ආරම්භ කල අතර මාස තුනක කාලයක් තුළ එම කටයුතු නිම කිරීමට හැකි වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද දහවල් අලුත්වැඩියා කරන ලද නව ගුවන් පථයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විශේෂ ගුවන් යානයක් ගොඩබැස්වීමට නියමිතයි.
නවීකරණය කරන ලද නව ගුවන් පථය, දිග මීටර් 3350කින් යුක්ත වන අතර පළල මීටර් 75ක් වන බව වාර්තා වෙයි.
මීට අමතරව ගුවන් ධාවන පථයේ භාවිතා වූ පැරණි විදුලි ආලෝක පද්ධති වෙනුවට ස්වයංක්‍රීය ඩිජිටල් ආලෝක ධාරා පද්ධති ස්ථාපිත කර තිබේ.
ගුවන් පථය නවීකරණය කිරීමත් සමඟ ලොව විශාලතම ගුවන් යානා වන ‘ඒ 380‘ වර්ගයේ ගුවන් යානා ඉතා පහසුවෙන් කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩබැස්වීමේ හැකියාව පවතියි.
මෙම නවීකරණය කීරීමේ කටයුතු සඳහා රුපියල් බිලියන 7.2ක පමණ මුදලක් වැය කොට ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සියලු ගමන් වාර සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැළසුම් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

උණුසුම් වු කොටදෙණියාව

Shiran Viraj

පබා බබා සමග මුල් වරට

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..

Shiran Viraj
Translate »