mediahumanrights.lk
Local NewsNews

උත්සව සමයේ අධිවේගී මාර්ග වල රථ වාහන ගමනාගමනයට විශේෂ වැඩපිළිවෙලක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ග වල රථ වාහන ගමනාගමනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශය පවසයි.
අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් විසින් අදාළ දොරටු වලදී ප්‍රවේශ පත් ලබාගැනීම් හා මුදල් ගෙවීම් කටයුතු කඩිනමින් සිදුකරමින් තදබදය අවම කරගැනීම සඳහා සහය වන ලෙස එහි අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ඉල්ලා සිටියි.
මේ අතර උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා අතිරේක බස් රථ විශාල ප්‍රමාණයක් යොදවා ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..

Shiran Viraj

පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..

Shiran Viraj

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

Shiran Viraj
Translate »