32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

අවුරුද්දට පෙර වන්දි නොදුන්නොත් අමාත්‍යංශය වටකරනවා

ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇති වන්දි මුදල් මේ මස 11 වැනිදාට පෙර ලබා නොදුනහොත් 12 දා රටපුරා සිටින ගොවි ජනතාව හට්ටි මුට්ටි සමඟ කෘෂිකර්ම අමාත්‍යංශය වට කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
අලුත් අවුරුද්ද සැමරීමට කනකර උකස් කිරීමට සිදුව ඇති බවත්, වන්දි නොදුන්නොත් නීතිය හමුවට යන බවත් ඒ මහතා පැවසුවේය.
ප්‍රධාන සහල් නිෂ්පාදන මෝලක වස විෂ යොදා වී සහල් කල් තබාගනිමින් සිටින බවත්, දේශීය හා විදේශීය සහල් කලවම් කරමින් අධික ලාභයක් ලබන බවත්  එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා  පෙන්වා දෙයි.
රජයේ සංස්ථාවක් විසින් මේ දිනවල අලෙවි කරනු ලබන සහල් අතරද කලවම් කරන ලද සහල් ඇති බවද ඒ මහතා කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

විග්නේශ්වරන් සත්‍යලිංගම් හා ඩෙනිශ්වරන් ගැන තීරණය වෙනස් කරන ලකුණු

Shiran Viraj

නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයක

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම රජය සතු බවත් ආපදා සහන ප්‍රමාණවත් නොවන බවත් නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj
Translate »