mediahumanrights.lk
Local NewsNews

අනුර සේනානායක යළි රිමාන්ඩ්

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන මැයි මස 4 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ නඩුව අද(27) කැඳවු අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ තාජුඩීන් ඝාතනය වු සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ දෛනික සටහන් පොතේ පිටු ගලවා තිබීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවයි.
ඒ යටතේ එම ආරක්ෂක අංශයේ සාමාජිකයන් 25දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර තවත් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
ඊට අමතරව පුද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
සිද්ධියට අදාළව ඩී.එන්.ඒ.පරීක්ෂනවලට භාජනය කළ දැනට ජින්ටෙක් ආයතනයේ තිබෙන අස්ථි කොටස් අධිකරණය භාරයේ නඩු භාණ්ඩ වශයෙන් රඳවා තැබීමට අවසර දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කර ඇති බව සඳහන්ය.
අදාළ ඉල්ලීම පිළිගත් අධිකරණය එම අස්ථි කොටස්  අධිකරණය භාරයේ රඳවා තැබීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලා

Shiran Viraj

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Shiran Viraj

වසර දහතුනකට පසු උපාධියක්

Shiran Viraj
Translate »