26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

අධ්‍යාත්මික නායකයින්ට පෙරමුණ ගන්නැයි ජනපති කියයි

සංහිඳියාව ගොඩ නැගිමේ කාර්යයේදී ආධ්‍යාත්මික නායකයින් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
මිනිසුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයේදී සැබෑ පණිවිඩකරුවා වන්නේ ආධ්‍යාත්මික නායකයන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
දංකොටුව සිංගක්කුලිය ප‍්‍රදේශයේ පැවති ‘‘එරබදු වසන්තම්‘‘ ජාතික හා සංහිදියාව පිළිබඳ සංස්කාතික ප‍්‍රසංගයට එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.
මෙහිදි ස්වර්ගස්ථ වූ කලා ශූරි මර්සලින් ජයකොඩි පියතුමන්ට උපහාර පිදීමේ උත්සවයක්ද පැවැත්වුණා.
සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව තහවුරු කරමින් ශක්තිමත් ජන පවුරක් ලෙස අප ඉදිරියට යා යුතු බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම උත්සවය සංවිධාන කර තිබුණේ සරසවි කලා සංගමය විසින්.

(under the courtesy of nethfm news web)

Related posts

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

Shiran Viraj

හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…

Shiran Viraj
Translate »