26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් අද(27) දිනයේ ගුවන් කාලසටහනේ ‍වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ඉන්දියාව විසින් පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු කිරීම හේතුවෙන් අද දිනයේ සිය ගුවන් සීමාව වසා දැමීමට සැලසුම් කර තිබේ.
එම නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ඒ අනුව මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත සිදු කරන ගුවන් ගමන් කාලසටහන අද දිනයේ පමණක් වෙනස් කර ඇති බව වාර්තා වෙයි.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sirlankan.com යන වෙබ් අඩිය වෙත පිවිසිමෙන් හෝ 0197331979 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි

(under the courtesy of adaderana news web)

Related posts

වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීමෙන් ආර්ථිකයට දැඩි බලපෑම්

Shiran Viraj

සුළි සුළග උතුර කළඹයි..

Shiran Viraj

ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ කසායක්‌

Shiran Viraj
Translate »