26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

අගමැති වියට්නාම නිල සංචාරය අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වියට්නාම නිල සංචාරය  ආරම්භ කරමින් එරට හැනොයි නගරයේ තොයිබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වී තිබේ.
වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපළේ දී පිළිගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ගුවන්තොටුපලේ විශේෂ හමුදා උත්තමාචාර පෙළපාලියක් ද පවත්වා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වියට්නාම නිල සංචාරය තුළදී, එරට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
වියට්නාම නිල සංචාරය ලබන 19 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණ ද මීතොටමුල්ලේ සිදුවූ ඛේදවාචකය හේතුවෙන් සංචාරය කෙටිකර කඩිනමින් යළි දිවයිනට පැමිණීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

Shiran Viraj

කොළඹ සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරයි..

Shiran Viraj

ITN සභාපති ඉවතට…?

Shiran Viraj
Translate »