26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

අගමැති ජපානය බලා පිටත්ව යයි

නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (10) අලුයම ජපානය බලා පිටත්ව ගියා.
අද අලුයම 1.10 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජපානය බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ දී ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව අග‍්‍රාමාත්‍යවරයා එරට  ප‍්‍රධාන පෙලේ උත්සව සහ වැඩසටහන් කිහිපයකට ද එක්වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
මෙම සංචාරය හේතුවෙන් ජාපනය හා ශ‍්‍රී ලංකාව අතර මිත‍්‍රත්වය තව තවත් ශක්තිමත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ජපාන රජය ද මීට පෙර ප‍්‍රකාශ කළා.

(under the courtesy of nethfm news web)

Related posts

සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

Shiran Viraj

බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..

Shiran Viraj

කුසලාන සන්ධානයක් හදයි.. නායක දිනේෂ්.. සහාය රනිල්ට..

Shiran Viraj
Translate »