mediahumanrights.lk
International NewsNews

ශ‍්‍රී ලංකාවට එරෙහි වන්නැයි ඉන්දීය දේශපාලන පක්ෂයකින් අගමැති මෝදිට බලපෑම්

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉන්දීය රජය බලපෑම් කළ යුතු බව ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂය පවසනවා.
එහි නායක වී මෛත‍්‍රීයන් එරට පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් කොමිසමට අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් කළ යෝජනාවට විරෝධය පලකල යුතු බවයි.
ශ‍්‍රී ලංකාව යුද්ධය අවසන් කර වසර 08 කට ආසන්න කාලයක් ගත වුව ද එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදු කර නැහැ.
එම නිසා ශ‍්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබා දීම පල රහිත බවයි ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂ නායක වී මෛත‍්‍රීයන් පෙන්වා දුන්නේ.
ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කිරීම ස`දහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් විය යුතු බව ද ඔහු එහි දී අවධාරණය කලා.
(under the courtesy of nethfm news web)

Related posts

වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන් යානයක් දිවයිනට

Shiran Viraj

මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..

Shiran Viraj

21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…

Shiran Viraj
Translate »