28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

විප්ලවයක ඇරඹුම හෙට සිට – රතන හිමි

තිරසර අනාගත ශ්‍රී ලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් සියළුදෙනා සඳහා විවෘත වන තිරසර ලංකා ජාතික මංගල්‍යය හා ප්‍රදර්ශණය හෙට (මාර්තු 31) සිට ආරම්භ වේ.
මාර්තු 31 සිට අප්‍රේල් 01 ,02, 03, 04 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදී  පැවැත්වීමට නියමිත මෙම ජාතික මංගල්‍යයට සහභාගී වීම සඳහා කිසිදු ගාස්තු අයකිරීමක් නොමැති අතර ප්‍රදර්ශන කුටි 700කින් සමන්විතය. වස විස නැති වෙළද හා අධ්‍යාපන ප්‍රදර්ශනය, විද්වත් සංවාද, සෞඛ්‍ය සායන, කලා ප්‍රසංග හා හරිත රැකියා පොළ ආදී දේ සදහා මෙහිදී එක්විය හැකිය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අද දිනයේදී (31) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වුණි.
මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ හෙට දිනය විප්ලවයක ඇරඹුම බවයි.
“අපි මූලික වශයෙන්ම මේ කරන්න යන්නේ එක්තර දුරකට… නෙමෙයි සමස්ථ විප්ලවයක්. මොකක්ද මේ විප්ලවය? අවි ආයුධ නැතිව අහිංසාවාදයෙන්, උද්ඝෝෂණ පෙළපාලි නැතුව, කාගේත් සම්මුතියෙන් කළ හැකි කටයුත්තක්,” යැයි රතන හිමියෝ මෙහිදී පැවසූහ.
මෙම වැඩසටහන තුළින් ප්‍රථමයෙන් ම මිනිසුක් ගේ හදවත් වල වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද එහිමියෝ වැඩිදුරටත් පැවසීය.
අද පැවති මාධ්‍ය හමුවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ සහ ජනාධිපති කාර්යාලයේ උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන යන මහත්වරුන් ද සහභාගී වූ අතර, මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝ පටය පහත දැක්වේ.
https://www.facebook.com/ThirasaraLanka/videos/408877129489209/

Related posts

මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..

Shiran Viraj

මට වගකීමක් නැහැ.. යුද්ධයට ඝෘජුව අණ දුන්නේ කවුද?" – ජෙනරාල් ජයසූරිය පෙන්වයි

Shiran Viraj

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

Shiran Viraj
Translate »