25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මනීෂාට පෙම් ගී ගයන්න ආරාධනා කළේ කවුද?

අලුත් වැඩක් කළා කියලා ආරංචියි?
ඔව් මම සිංදුවක් කළා. අවාරෙ අවාරෙ කියන සිංදුව කළේ පූර්ණ සචින්ත අයියත් එක්ක. ඒකේ lyrics කළේ ලසිත ජයනෙත්ති ආරච්චි අයියා. ඒ වගේම music කළේ දිල්ශාන් සිල්වා. දැන් සිංදුව රිලීස් කරලා තියෙන්නෙ.
කාලෙකට පස්සේ කරපු ආදර ගීතයට ලොකු පබ්ලිසිටියක් ලැබිලා නේද?
ඔව් මේක මගේ පළමු ආදර ගීතය නෙමෙයි. හැබැයි ලොකු Publicity එකක් දීලා release වුණ පළමු ගීතය මේක.
පෙම් ගීතයට ආරාධනා කළේ කවුද?
සිංදුව ලිව්ව ලසිත අයියා තමයි මට මේ ගීතය ගායනා කරන්න ආරාධනා කළේ.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතුවේවත් නැහැ.
වෙන අයත් එක්ක ගීත ගායනා කරන්නෙ තමන්ගෙම ගීතයක් කරන්න අදහසක් නැද්ද?
ඒකටත් අදහසක් තියෙනවා. ඒකත් ඉදිරියට කල්පනා කරලා බලන්න ඕන.
ගීත ගායනයට අමතරව දැන් මියුසික් වීඩියෝවලත් මනීෂා පේන්න අරගෙන?
මෙහෙමයි. මම ලොකුවට music video කරලා නැහැ. එකකට හිටියා. කොහොම වුණත් තෝරලා බේරලා තමයි මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්නෙ.
දැන් මනීෂාට මියුසික් වීඩියෝවලට ආරාධනා ගලාගෙන එනවලු නේද?
ඔව්. වැඩිපුරම ආරාධනා ලැබෙන්නෙ මියුසික් වීඩියෝවලට තමයි. ඒකත් මම Select කරලා තමයි යන්නෙ.
මනීෂා රංගනයෙන් සම්බන්ධ වෙන “සිඳු” නාට්‍යය ජනප්‍රියම නාට්‍ය බවට පත්වෙලා. ඒ ගැන සතුටක් ඇති?
ඔව්. අනිවාර්යයෙන්ම ලොකු සතුටක් තියෙනවා. මම මුලින්ම වැඩ කළේ ජානක සර්ලත් එක්ක “වස්සාන සිහිනය” නාට්‍යයේ. ඒකටත් වඩා තැනක් තියෙනවා “සිඳු” නාට්‍යයට. ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම ලැබෙන්න ඕන දෙරණ ආයතනයට සහ ජානක සර් ඇතුළු සිඳු නාට්‍යයේ කණ්ඩායමටයි.
අලුත් නිර්මාණවලට දායක වෙන්න ආරාධනා ලැබුණද?
ආරාධනා නම් තියෙනවා. හැබැයි ටිකක් කල්පනා කරලා බලලා ඒවට සම්බන්ධ වෙන එක හොඳයි කියලා හිතුවා.
මනීෂා සිඳු නාට්‍යයේ පෙනී හිටිය ගමන්ම ලොකු facebook ප්‍රතිචාරයක් ලැබුණා. දැන් ඒක අඩුවෙලා නේද?
ජනප්‍රියත්වය කියන දේ හැමදාම පවතින දෙයක් නෙමෙයි. ඒ ගැන ඉතිං දුකක් නැහැ. කාලයකදී ඇතිවෙනවා කාලයකදී නැතිවෙනවා. ඒක තමයි හැටි.
මනීෂා සීමා දාගෙන නේද ක්ෂේත්‍රයේ වැඩ කරන්නෙ. ඒවා ඔබ විසින්ම දාගත්ත සීමාද වෙන කවුරුහරි දාපු සීමාද?
නෑ නෑ ඒවා මම විසින්ම හදාගත්ත සීමාවන්. වෙන කවුරුත් මට සීමා දාන්නේ නැහැ.
මනීෂාගේ රූපය කවුරුවත් සිනමාවට ගළපන්න උත්සාහ කළේ නැද්ද?
ආරාධනා ලැබුණා. ඒ දවස්වල මම අධ්‍යාපන කටයුතු කරමින් හිටියෙ. ඒ නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. මම ෆිල්ම්ස්වල පසුබිම් ගායනයට නම් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී රංගනයට අවස්ථාවක් ලැබුණොත් හොඳ නිර්මාණයක් නම් සම්බන්ධ වෙනවා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

DLB හා NLB ගත්තේ දූෂණ නවත්වන්න

Shiran Viraj

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

Shiran Viraj

ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේ

Shiran Viraj
Translate »