30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsSportsSports News

අසේල ගුණරත්නට සාජන්ට් මේජර් ලෙස හමුදා උසස්වීමක්

පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී විස්සයි -20 ක්‍රිකට් තරගාවලියේ වීරයා වූ අසේල ගුණරත්නට ශ්‍රී ලංකා යුද හමුදාවේ සාජන්ට් මේජර් තනතුර දක්වා උසස් වීමක් පිරිනමා ඇත.

අද (1) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා කඳවුරේදී පැවැත්වෙන චාම් උත්සවයකදී අසේල ගුණරත්නට සාජන්ට් මේජර් තනතුර පැලඳවීමට නියමිත අතර අසේල සාමාන්‍ය සෙබළ තනතුර සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට බැඳී ඇත්තේ 2007 වසරේදීය.
එතැන් සිට මේ දක්වා වසර 10ක පමණ කාලයක් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අසේල පසුගිය වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේදී ටෙස්ට් වරම් හිමි කර ගත්තේය. එම තරග සංචාරයෙන් පසුව අසේල සාජන්ට් තනතුර දක්වා උසස්වීමක් ලැබූ අතර ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ ඔහු දක්වන දස්කම්වලට ඇගයීමක් වශයෙන් සාජන්ට් මේජර් තනතුර දක්වා උසස් වීමක් ලබා දීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කිරීම විශේෂත්වයකි.

Related posts

Fall's biggest fitness trend would make rocky proud

Shiran Viraj

ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි..

Shiran Viraj

මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..

Shiran Viraj
Translate »