26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
News

ආයුර්වේද වෛද්‍යවරියගේ රන්මාල හොරු ගැන පරීක්ෂණ කරද්දී හලාවත ඕඅයිසී මරුට

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරියක සිය සැමියා සමග ඔවුනගේ දරුවා පාසලට ඇරලිම පිණිස යමින් සිටියදී පිටුපසින් යතුරු පැදියකින් ආ දෙදෙනකු ඇය කර පැළද සිටි රන් මාලය කඩා ගෙනයාමේ සිද්ධියකින් පසු පොලිසියේ උකුස ඇසට එය හසුවී වෙඩි තැබීමකින්ද පසුව කොල්ල කරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය ගැන පරීක්ෂණ කරමින් සිටි අවස්ථාවේ දි හලාවත මුලස්ථාන පොලිසියේ අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා හදිසියේම අසාධ්‍යව ඇද වැටී තිබෙන අතර හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ පොලිස් පරික්ෂක එදිරිසිංහ ආරච්චිගේ තේමිය මෙන්ඩිස් ( 55 ) මහතායි. ඔහු හලාවත කොරයා වත්තේ පදිංචි එක්දරු පියෙකු වේ.
රන්මාල කොල්ලය අල්ලාගත හැකිවූයේ වෛද්‍යවරියගේ සැමියා මාලකැඩූ අය පසුපස ලුහුබැඳයාමේදීය. ඔහු එසේ යද්දී අතරමගදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හමුවී ප්‍රශ්නය කියා ඇත.පසුව ඔවුන් කොල්ලකරුවන් දෙදෙනාට නවතින ලෙසට නියෝග කළත් ඔවුන් එම නියෝගය නොතකා පලා යාම නිසා එම දෙදෙනාට වෙඩි තබා ඇත.
එක් වෙඩි පහරක් එක් කොල්ලකරුවකුගේ පාදයකට වැදී ඇති නමුත් ඔවුන් මෙල්ල නොවී පලා ගිය අතර පොලිස් නිලධාරින් ඔවුන් ලුහුබැඳ යන අතර  ඇඟලුම් හලක් ඉදිරිපස දි පාර මාරුවෙමින් සිටි තරුණයකුගේ සිරුරේ යතුරු පැදිය හැපී පෙරැළි වැටී ඇත. අනතුරුව කොල්ලකරුවන් අසල කලපුව දෙසට පලා යද්දී අල්ලාගන්නට හැකිව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ අවස්ථාවේ දි අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වැටී රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.
ඔහුගේ හදිසි මරණය හා වෛද්‍යවරියගේ ප්‍රශ්නය අතර සම්බන්ධයක් නැත. නමුත් වෛද්‍යවරියගේ රන්මාල කොල්ලය විමසන්නට යාමේදී ඔහු අධික විඩාවට පත්ව තිබූ බව වාර්තාවේ.

Related posts

ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

Shiran Viraj

ජෝන් ද සිල්වා සමරු රඟහල පිළිබඳ ජනපති දුන් උපදෙස්

Shiran Viraj

වරාය ආසන්නයේ ගින්නක්..

Shiran Viraj
Translate »