27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මමත් දෙවෙනි කසාදයක් කරගත්තා -තාත්ත නිසා සංගීතෙ ඉගෙන ගෙන නෑ -ලෙලුම්

මමත් දෙවෙනි කසාදයක් කරගත්ත කෙනෙක් තාත්ත නිසා සංගීතෙ ඉගෙන ගෙනත් නෑ – බැබලිලත් නෑ -ලෙලුම් දැන් කියන කතාව….
වික්ටර් රත්නායක ගායකයා සම්බන්ධ පසුගියදා ඇති කළ හාහෝවට මූලිකයා වූ ඔහුගේ පුත් ලෙලුම් රත්නායක සිය පියාණන් ගැන සමාජයේ ඇතිවූ කතාබහින් පසුව නැවත  පවසා තිබෙන්නේ තමාද දෙවන කසාදයක් කරගත් අයෙකු බවයි. තමා පියා නිසා සංගීතය ඉගෙන ගත්තේ වත් බැබලුනේවත් නැති බවද ඔහු එහිදී පවසා ඇත. එමෙන්ම තමා වස්තු තණ්හාවෙන් මින් ඉහත අදහස් දැක්වූයේ නැති බවත් පියා විසින් උරුම කළ යුතුවූ දේ සියල්ල තමන් වෙත ලබාදී ඇති බවත් ඔහු පවසා ඇත. ඔහුගෙන් ගුවන් විදුලි නාලිකාවක් ඇසූ ප්‍රශ්න වලට මේ ආකාරයට අදහස් දක්වා ඇත.

‘මං කිව්වෙ මගේ තාත්ත ගැන මිසක් වික්ටර් රත්නායක කියන ගායකයා ගැන නෙමේ. ඒ ගායකයාට හැමෝම වගේම මම තවමත් ආදරෙයි. මං කැසිනෝ ගහන කෙනෙක් නෙමේ. ඒත් කොලිටියක් තියෙන ක්ලබ් වලට විතරක් සංගීත වැඩ වලට යනවා. තාත්තා අපිට ඕන දේවල් දීලා ඉවරයි. ඒ නිසා මට එයාගෙන් සතයක් වත් ගන්න ඕන නැහැ.
ඇත්තටම මමත් කසාද දෙකක් කරගත්ත කෙනෙක්. මගේ කලින් විවාහෙදි එකට ජීවත් වෙන්න බැරි වුණ නිසා එයාව අතෑරියා. පසුව දික්කසාද වුණා. මට ගැලපෙණ කෙනෙක් පසුව හමුවෙලා එයාව බැන්දා දැන් අපි හොඳ ජීවිතයක් ගත කරනවා. මිනිස්සු හැමෝම සියයට සියයක් සම්පූර්ණ නැහැ.
ඇත්තටම කවුරු හරි කියනවනම් මම  තාත්ත ගෙන් බැබලෙනව කියලා. ඒක බොරු.මම ඩ්‍රම්ස් ගහන කෙනෙක්.ඒ ඩ්‍රම්ස් වාදනය ඉගැන්නුවෙ තාත්ත නෙමෙයි. මං පුංචි කාලෙ සංගීත ප්‍රසංග බලන්නවත් එයා එක්ක ගිහින් නැහැ. අඩුගානෙ අමරදේව මාස්ටර්වත් අඳුන්නල දුන්නෙ නැහැ. මං හොරෙන් තමයි ප්‍රසංග බලන්න ගියේ. ඒත් අපේ ලේවල සංගීතය තියෙන්න පුළුවන්. ඒ දක්ෂතාවය ඒ විදිහට එන්න ඇති.‘මෙම ප්‍රශ්න කිසිවක් නැති කාලයක කලකට ඉහත රූපවාහිනියේ සංගීත වැඩසටහනකට එක්වූ ලෙලුම් සිය දක්ෂතාවයන් ඉදිරිපත් කළේ පහත පරිදිය. ඔහු එම වැඩසටහනේදීද සිය පියා ගැන වචනයක් හෝ පවසන්නේ නැත. එය පහතින්

Related posts

කොටි සලකුණු කිසිවක් නෑ..හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි..

Shiran Viraj

වැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

Shiran Viraj

පෙන්ෂන් ගිය දොස්තරලා යලි සේවයට…

Shiran Viraj
Translate »