mediahumanrights.lk
NewsSportsSports News

පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තයක්

පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තය පැමිණියා.
ඒ, පාකිස්තාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලාහෝර් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමත් සමඟයි.
එහි මූලික තරග එක්සත් අරබි එමිර් රාජ්‍යයේ දී පැවැත්වුණා.
ලාහෝර් ක‍්‍රීඩාංගණයේ ඊයේ පැවති අවසන් මහා තරගය නැරඹීම සඳහා දහඅට දහසකට වැඩි පිරිසක් එක්ව සිටියා.
තරගය පැවැත්වුණේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි. ඒ සඳහා දස දහසකට අධික හමුදා සාමාජිකයින් පිරිසක් එක්ව සිටියා.
කෙසේ වෙතත් තරගය අතරතුර කිසිදු සිද්ධියක් වාර්තා නොවූ බවයි ක‍්‍රීඩා මාධ්‍යයන්හි දැක්වෙන්නේ.
අවසන් මහා තරගයේ දී ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 58ක ජයක් අත්කර ගැනීමට පෙෂාවර් ෂල්මි කණ්ඩායම සමත් වුණා.
මෙම තරගයේ තීරකවරයා ලෙස රොෂාන් මහනාම සහභාගී වූ අතර රැන්මෝ  මාටිනස් ප‍්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළා.
තරගාවලියට එක්වූ ප‍්‍රබල ක‍්‍රීඩකයින් පාකිස්තානයට පැමිණීම ප‍්‍රතික්ෂේප කරද්දි ඔවුන් දෙපල මෙම තරගයට එක්වීම විශේෂත්වයක්.
2009 වසරේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයකට ලාහෝර්හි දී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමෙන් පසු කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් පකිස්තානයට පැමිණීම ප‍්‍රතික්ෂේප කළා.

Related posts

ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයට

Shiran Viraj

මාලිංගට එංගලන්තයෙන් ලක්ෂ 280 ක ලන්සුවක්

Shiran Viraj

සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…

Shiran Viraj
Translate »