mediahumanrights.lk
Local NewsNewsPolitical

අලුත්ගමගේ ආණ්ඩුවට තුති පුදයි

මෙම මස 25 වන සෙනසුරාදා දිනයේ දී ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ දී පැවැත් වීමට කටයුතු සම්පාදනය කර ඇති පෙරළියක ඇරඹුම දෙවන රැස්වීම සඳහා රජය විසින් ලබා දුන් පුළුල් ප්‍රචාරයට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ස්තූතිය පිරි නමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ආසනධූරය ඉවත් කරමින් හා රැස්වීම් භූමියට විවිධ බාධා ඇති කරමින් ලබා දුන් ප්‍රචාරය වෙනුවෙන් මෙම ස්තූතිය හිමිවන බව මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
අද (23) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එමෙන්ම ජීවන වියදම ඉහළ යෑම, මැතිවරණ කල් දැමීම, ව්‍යවස්ථා උගුල‍, රාජ්‍ය සම්පත් විකිණීම හා දේශපාලනිකව මිනිසුන් දඬයම් කිරීම යන මුලික කරුණු 5 මුල් කර ගනිමින් මෙම ජන රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද මහින්දානන්ද මහතා කියා සිටියේ ය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ නියෝජිතයින් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට බලාපොරොත්තු වන බව ද මහින්දානන්ද මහතා පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

ක‍්‍රිකට් පුහුණුකරු හමුව ගාලගෝටියක් වෙයි.. ගහමරා ගන්න යයි.. මහේල උස් හඬින් බැණ වදී..

Shiran Viraj

පෙම්වතා සමඟ යතුරුපැදියේ ගිය පෙම්වතිය අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගිය හැටි CCTV කැමරාවේ

Shiran Viraj

මහනුවරින් දිලුම් පළමු තැනට

Shiran Viraj
Translate »