27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරයි

ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබඳව සංගණනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදු කිරීමෙන් පසු ලියාපදිංචිය පිළිබඳ තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.
සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධවේදීන් දැනුවත් කිරීමේ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර දී පැවැත්වුණා. එම රැස්වීමට සහභාගි වූ ඖෂධශාලා හිමියන් පැවැසුවේ සෑම නගරයකම නව ෆාමසි විවෘත කිරිම හේතුවෙන් වෙළෙද ව්‍යාපාරවලට බාධා පැමිණ ඇති බවයි.
ඇතැම් ෆාමසිවල ඖෂධවේදීන් ද නොමැති බව මෙහිදී ප්‍රකාශ කෙරුනා. ඒ පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සෑම ෆාමසියකම එක් ඖෂධවේදියෙකු හෝ සිටිය යුතු බවයි. ෆාමසි කළමණාකරණය ද ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,  “ඖෂධ මිල නියාමනය කිරීමේ දී ඔසුසැල් හිමියන්ගේ සංගමය සහ සුළු ආනයනකරුවන් මට විශාල සහයෝගයක් ලබාදුන්නා. ඇතැම් ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් ඖෂධ මිල නියාමනයට විරෝධය පළ කළා.  දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් 25,000 ක් මියයනවා. අක්‍රීය දුම්පානයෙන් කුඩා දරුවන් පමණක් වාර්ෂිකව සියයට 05 ක් මියයනවා. එම නිසයි දුම්පානය අවම කිරීම සදහා ක්‍රියාමාර්ග රැසක් රජය විසින් ගෙන ඇත්තේ. ඖෂධ මිල අඩු කිරීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ අලෙවිය සියයට 30 කින් වැඩිවී තිඛෙනවා. ෆාමසිවල අලෙවිය වැඩි වුනත් ලාභය අඩු වී තිඛෙනවා. එම නිසා මම ඉල්ලා සිටිනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ ඖෂධ අලෙවි කරන්න කියලා. එවිට සියයට 18 ක ලාභයක් ෆාමසිවලට ලබාදෙන්න පුළුවන්.”

Related posts

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

Shiran Viraj

GMOA වෙතින් සියළු ජනාධිපති අපේක්‍ෂකයන්ට අනතුරු අගවමින් යෝජනාවලියක්…

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්

Shiran Viraj
Translate »