27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

හපුතලේ නායයෑමේ අවදානමක් – කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොටසකුත් දැඩි අවදානම්

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් නායයාමේ අවදානමකට ලක්වූ හපුතලේ බ්ලැක්වුඞ් ප‍්‍රදේශයේ පවුල් 50 ක් ඊයේ (11) රාත‍්‍රියේ ඉවත් කෙරුණා.
මේ වනවිට ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට බලධාරීන් කඩිනමින් පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් හපුතලේ වාර්තාකරු සමන් පාලිත නානානයක්කාර පැවසුවේ.
බදුල්ල ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ නායයෑම් පිළිබඳව ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බවයි. පරිසර පද්ධතියේ ඇතිවන සුළු වෙනසක් වුවද අදාළ බලධාරීන් දැනුවත් කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
බදුල්ල පොලිසිය සඳහන් කරන්නේ පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවල සිට හපුතලේ දක්වා වූ කිලෝමිටර් 25 ක් පමණ ප්‍රදේශයේ මාර්ගයට ගල් පෙරළීමේ දැඩි අවධානමක් පවතින බවයි.  මේ නිසා රියදුරන් දැඩි අවධානයකින් මෙම මාර්ගයේ රථවාහන ධාවනය සිදු කළ යුතු බවත් සඳහන් කළා.
මේ අතර අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් ඇති අතර දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Related posts

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකරන බවට බිය වද්දා කප්පම් ගැනීම් ඉහලට..

Shiran Viraj

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Shiran Viraj
Translate »