30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News Local News News

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නෞකාව මුදාහරී – නෞකා කාර්ය මණ්ඩලයෙන් ලක්රජයට තුති

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙනවා.
නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට රජය ගත් උත්සාහ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි.
මේ අතර මුහුදු කොල්ලකරුවන් සහ සෝමාලියානු ආරක්‍ෂක අංශ අතර ඊයේ පස්වරුවේ අවස්ථා කිහිපයකදී වෙඩි හුවමාරු සිදුවුණා.
කෙසේවෙතත් නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද සෝමාලියානු රජය හරහා එරට ආරක්‍ෂක අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා.
ජනාධිපතිවරයාගේ දැනුම්දීමෙන් පසු සෝමාලියානු ආරක්‍ෂක අංශ තමන් රැදී සිටි නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම නතර කළ බවයි කාර්ය මණ්ඩල නිලධාරී  දිලීප නිශාන් රණවීර සදහන් කළේ.

Related posts

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Shiran Viraj

පොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයි

Shiran Viraj

කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් සොයාගනී (VIDEO)

Shiran Viraj