mediahumanrights.lk
News

ස්විට්සර්ලන්ත පුරවැසිකම නිසා ගීතාගේ මන්ත්‍රී ධූරය 3 දා අහිමිවන ලකුණු

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය  ස්විට්සර්ලන්ත පුරවැසි භාවය මත ශ්‍රී ලංකාවේ නීතිය අනුව මන්ත්‍රී ධූරයක් ලබාගැනීම ගැටලු සහගතව තිබෙන පසුබිමක ඇය කියා සිටින පරිදි එය ඉවත් කළ බවට සාක්ෂි නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් සිල්වා මහතා ඊයේ (14දා) අභියාචනා අධිකරණයේදී පවසා තිබේ.
ගීතාට විරුද්ධව ගාලු දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පස් දෙනකු පවරා ඇති නඩුව අභියාචනා අධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ සහ විනිසුරු එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල හමුවේ විභාග වූ අවස්ථාවේ මේ ගැන කියැවිණි.
මේ පිළිබඳ අවසාන තීන්දුව මැයි 3 ලබාදෙන අතර මේ වනවිට නඩුව ඇයට අවාසිසහගත වන අතර ඇයට එදින මන්ත්‍රී ධූරය අහෝසිවන ලකුණු පහළවී තිබේ.

Related posts

සුද්දිගේ ගෝලයෙක් අල්ලයි

Shiran Viraj

ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…

Shiran Viraj

‘අපි නිරෝධායනේට යනවා.. හැමෝටම ස්තුතියි..’- මාධවී ඇන්තනී නිරෝධායන බසයේ සිට…

Shiran Viraj
Translate »